දිවයින හරහා නිරිතදිග මෝසම් තත්වය තවදුරටත් සක්‍රියව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඉදිරි පැය කිහිපයේදීත් බස්නාහිර – සබරගමුව – මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් බලාපොරාත්තු වන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර – නුවරඑළිය – ගාල්ල – සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇති විය හැකියි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 40ත් 50ත් දක්වා වන තරමක තද සුළංද ඇති විය හැකියි.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – උතුරු මැද – සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කවලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි බවයි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
