ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත්වීමට සිදුවූ 07 වන ක්‍රීඩිකාව බවට නිමාලි ලියනාරච්චි සමත්වුණා.
ඒ අද පෙරවරුවේ පැවති කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේදී අවසන් ස්ථානයට තරගය නිම කිරීමත් සමගයි.
මෙහිදී ඇය වාර්තා කල කාලය විනාඩි 02 යි තත්පර 10 යි දසම 2 යි 3 ක්.
මේ අනුව මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තවදුරටත් තරගවලට සහභාගීවීමට නියමිතව සිටින්නේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ අශ්වාරෝහක ක්‍රීඩිකා මැටිල්ඩා කාර්ල්සන් පමණයි.
