නිධන්ගත රෝග සහිත වැඩිහිටියන් බූස්ටර් එන්නත ලබාගත්තද කොවිඩ් සංකූලතා ඇති වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ හේතුවෙන් කොවිඩ් වැළදුණු වැඩිහිටියන් වෙතොත් වහාම කොවිඩ් සදහා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හේමන්ත හේරත් මහතා මේ බව කියා සිටියා.
