ආණ්ඩුවෙන් ඉවත්ව යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරතැයි අපේක්ෂා නොකරන බව රජය පවසනවා.
අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතායි මේ බව කියා සිටියේ.
දේශපාලනික වශයෙන් විවිධ මතවාද පැවතියද සියලුදෙනා සුහදව රාජ්‍ය පාලනයට දායක වන බව ඔහු අවධාරණය කලා.
මේ අතර අද වනවිට රට තුල ඖෂධ හිගයක් ඇතිව ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද රමේෂ් පතිරණ මහතාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්ණ කලා.
ඖෂධ ආනයනයේදී ණයවර ලිපි විවෘත නොකිරීමක් හෝ කිසිදු අතපසුවීමක් රජය පාර්ශවයෙන් සිදුව නොමැති බවත් පවතින ඖෂධ හිගය සදහා බලපා ඇති හේතු මේ දිනවලදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණය ලක්කෙරෙන බවද ඔහු සදහන් කලා.