ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයද සුභ පැතුම් පිරිනමා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් සඳහන් කලේ දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවය දීර්ඝ කාලයක සිට පැවත එන බවයි.
ආර්ථික නැගිටීම – ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ඇතුලු හවුල් අංශවල ක්‍රියාකාරීත්වය ද රාජ්‍ය ලේකම්වරයා සිහිපත් කරනවා.
එමෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම – සාගර පරිසර සංරක්ෂණය – කොවිඩ් සහන වැනි දෑ සඳහා සපයන ලද සහයෝගයද පිළිබඳ අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා කරුණු දක්වා තිබෙනවා.
සෞභාග්‍යය – ආරක්ෂාව වැනි අංශවලින් තවදුරටත් සබඳතා තර කර ගැනීමට හැකි බවයි රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් වැඩිදුරටත් සඳහන් කලේ.