නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක පෙනීසිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධරණය කරනවා.
මෙරට දරුවන්ට ඉගෙන ගැනීමට ඇති අවස්ථාවන් අහිමි කිරීමට එරෙහිව සමගි ජන බලවේගය සටන් කරන බවයි ඊයේ උතුරු කොළඹ ප්‍රදේශයේ පැවති විරෝධතා පා ගමනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ.
