නැව්වලින් බැහැර කරන දැවිතෙල් නිසා සිදුවන පරිසර හානිය වැළැක්විමට කරුණු සොයා බැලිම සදහා කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්.
මෙම කමිටුවට පරිසර අමාත්‍යාංශය / මධ්‍යම පරිසර අධිකාරිය / ඛනිජ තෙල් සංස්ථාව / සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා දැවිතෙල් ආශ්‍රීත ව්‍යාපාරවල නිරත කණ්ඩායම්වල නියෝජිතයෙක් ඇතුලත්.
මේ සම්බන්ධ වාර්තාවක් ඉතා කෙටි කාලයක් තුල සකස් කරන ලෙසයි පරිසර අමාත්‍යවරයා කමිටුවට උපදෙස් දි ඇත්තේ.
