පන්දුවාර 20 ලෝක කුසලානයේ නැමීබියාවට එරෙහි තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ළකුණු 97 ක ඉලක්කයක් හිමිවුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 19 යි පන්දු 03 කදී සියල්ලන් දැවී රැස්කලේ ළකුණු 96 ක් පමණයි.
ක්‍රේග් විලියම්ස් 29 ක්ද ජෙරාඩ් එරස්මස් 20 ක්ද රැස්කලා.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ළකුණු 25 කට කඩුලු 03 ක්ද / ළහිරු කුමාර ළකුණු 09 කට කඩුලු 02 ක්ද / වනිඳු හසරංග ළකුණු 24 කට කඩුලු 02 ක්ද බිඳ හෙලුවා.
තරගය පැවැත්වෙන්නේ අබුඩාබි හිදීයි.