වැව්වලින් කපන පස් යොදා නැගෙනහිර පළාතේ සිදුකරන කලපු ගොඩ කිරීම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී තිබෙනවා.
ප්‍රදේශිය දේශපාලඥයන්ගේ මැදිහත්වීම මත නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කලපු ගොඩකිරීම් බරපතල ලෙස සිදුවන බව තමාට වාර්තා වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
එමෙන්ම කොව්ඩ් 19 තත්වය මත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශිය කාර්යාල විධිමත්ව සේවා කටයුතු නොකරන බැවින් වහාම අවම නිළධාරින් ප්‍රමාණයක් හෝ යොදාගෙන එම කටයුතු ආරම්භ කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙනවා.
නැගෙනහිර පළාතේ පාරිසරික ගැටළු පිළිබද විශේෂ සාකච්ඡාවක් අද පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතයි.