තවදුරටත් නායයාමේ අවධානමක් නැතැයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරින් තහවුරු කළ පසු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාවනැල්ලේ සිට පේරාදෙණිය මංසන්ධිය දක්වා කොටස යළි විවෘත කළ හැකි බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.
මහනුවරදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඊයේ කඩුගන්නාවේ මාර්ගයේ සිදුවු නායයාම් දෙක හේතුවෙන් විශාල දේපල හානියක් සිදුව ඇති බවයි.