සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ”හදිසියේ ඇතිවූ ගෑස් හිගයත් අද මිල ඉහළයාමත් ආණ්ඩුවේ සැළසුමක්”

    සිය ස්ථාවරය ජනපති ඉදිරියේ කීමට ජවිපේ සූදානමින්

    ලොහාන් ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය

    මැතිවරණ කොමිසමේ සහ සියළු දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක්

    “විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”

    “විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”

    ඇමති ධුරයේ වැඩ කල නොහැකි බව වාසු කියයි

    විදුළි බිල ඩබල් වෙයි ??

    ප්‍රභාත් ජයසූරියත් මාසයේ ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

    ICC ජූලි මාසය සඳහා ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ”හදිසියේ ඇතිවූ ගෑස් හිගයත් අද මිල ඉහළයාමත් ආණ්ඩුවේ සැළසුමක්”

    සිය ස්ථාවරය ජනපති ඉදිරියේ කීමට ජවිපේ සූදානමින්

    ලොහාන් ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය

    මැතිවරණ කොමිසමේ සහ සියළු දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක්

    “විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”

    “විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”

    ඇමති ධුරයේ වැඩ කල නොහැකි බව වාසු කියයි

    විදුළි බිල ඩබල් වෙයි ??

    ප්‍රභාත් ජයසූරියත් මාසයේ ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

    ICC ජූලි මාසය සඳහා ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home ප්‍රමුඛ පුවත්

නාමල් / කාංචන හවුල දැක්කම අවුල තේරුණා – පාඨලී

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බලශක්ති ඇමතිවරයා සමග වාඩිවන විටම පැමිණීමට නියමිත ව තිබූ තෙල් නැව් වලට සිදුවන ආනිසංසය තමන් දැනගත් බව  43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Hasitha Samaraweera by Hasitha Samaraweera
1 month ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
පාඨලීගෙන් කොන්දේසි සහිත කොළ එළියක්
0
SHARES
31
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බලශක්ති ඇමතිවරයා සමග වාඩිවන විටම පැමිණීමට නියමිත ව තිබූ තෙල් නැව් වලට සිදුවන ආනිසංසය තමන් දැනගත් බව  43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් රණවක මහතා;

ප්‍රශ්නය :රුසියාවෙන් බොරතෙල් ආනයනය කරන්න ආණ්ඩුව කරනවා කියලා කියනවා. මේක සාර්ථක වෙයිද?
“තෙල් ගෙන්නන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වූ ආයතන තියෙනවා. දැන් මේ ආණ්ඩුව කරන්නේ එසේ ලියාපදිංචි වෙලා ඉන්න නිල සැපයුම්කරුවන්ගෙන් පිට එක එක්කෙනාගෙන් තෙල් ගන්න උත්සාහ කරනවා. නැව් 6 ක් ගේනවා කිව්වා. 4 ක් ගේනවා කිව්වා.

අන්තිමට 2 ක් ගේනවා කිව්වා. දැන් එකක්වත් නෑ. මේකේ තව භයානක පැත්තක් තියෙනවා. 2012 දී මේ වගේ දෙයක් කළා. වාහන පාරේ නැවතුනා.

ප්‍රමිතියකින් තොර තෙල් ගෙනල්ලා. ඒ නිසා මේ රටේ ලියාපදිංචි වෙලා ඉන්න දේශීය නියෝජිතයෝ ඉන්නවා. ආයතන තියෙනවා.

එක එක්කෙනා අරහෙන් මෙහෙන් ගෙනල්ලා ගහන ඒවා ගිහින් වෙන්න තියෙන විනාශය ඉතා අධිකයි. නාමල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා තෙල් සංස්ථාවේ ඇමතිතුමා එක්ක වාඩි වෙනකොටම මේ තෙල් නැවටත් මේ ආනිසංසය වෙන විත්තිය අපි දැනගත්තා.

දැන් මිනිස්සු එකක් තේරුම් ගන්න ඕන දැන් රටේ තෙල් නෑ. ඊළඟට විදුලි බල ස්ථානවලට යම් තෙල් ප්‍රමාණයක් තියෙනවා. මේ අර්බුදයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු අය තාමත් නිදැල්ලේ. නිදැල්ලේ විතරක් නෙවෙයි. තාමත් ජනාධිපති ධූරය උසුලනවා. ඒ වගේම තෙල් සංස්ථාව පාලනය කරන්න යනවා. විදුලිබල මණ්ඩලය පාලනය කරන්න යනවා.

අද තමන්ට කිරිපිටි නැතුව, බේත් නැතුව, තෙල් නැතුව, ගෑස් නැතුව, දරුවෝ පාසල් යවාගන්නේ නැතුව, රැකියාවලට යන්නේ නැතුව, මුළු රටම හිර කරලා තියෙන්නේ තනි පවුලක් විසින් බව මහජනතාව තේරුම් ගත යුතුයි.

එක්තරා බැංකුවක් නඩු පවරලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ. ඔවුන්ගේ දේපළ, සොරාගත් ධනය තියෙනවා කියලා. රාජපක්ෂවරු වහාම අර බදු පාරාදීස වල හංගපු ධනය රටට ලබා දීලා වහාම තමන්ගේ ධුරවලින් ඉවත් වෙන්නෙයි කියන තැනට මුළු රටේම ජනතාව දැන් කටයුතු කරන්න ඕනේ. 55 ලක්ෂයක් පවුල් වලට තවත් මේ දුක දරාගන්න බෑ.

ඒ නිසා මංකොල්ල කන ලද ඩොලර් බිලියන ගාණක ධනය ඒ බදු පාරාදීස වලින් හා ඔවුන්ගේ දේපළ වලින් ලබා දීලා ඔවුන් මේ දේශපාලනයෙන් සහමුලින්ම ඉවත් කරනකන් මේ රටේ මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. අපේ ජාතික ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනැගෙන්නේ නෑ. රුසියාවේ නෙවෙයි සයිබීරියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුනත් අපට ඒවා ලබාගන්න හැකියාවක් නෑ. අපට දරුවන්ට බේත් ටික නෑ. අපේ දරුවන්ට පාසල් යන්න විදිහක් නෑ.

මිනිස්සුන්ට රැකියාවලට යන්න විදිහක් නෑ. ගෙදර විදුලිය නෑ. දිනපතාම අපේ කර්මාන්ත ටික ඇද වැටෙනවා. සේවා ටික ඇද වැටෙනවා. මුළු රටම 1960 දශකයට ගෙනිහිල්ලා තියෙනවා. ඒ නිසා ඔය විවිධ දූත පිරිස් කොහේ ඇරියත් මේ වැඩේ සාර්ථක වෙන්නෑ. රාජපක්ෂ මුල් පිටුවල ඉඳගෙන තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය මෙහෙයවන තැනට ඒ අදාළ පුද්ගලයින්ට අදාළ ඇමතිවරුන්ට ඒ කටයුත්ත කරන්න නොදී කටයුතු කරනකන්.

ප්‍රධාන කාරණය, මේ රජයට දැන් ජන වරමක් නැහැ. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නා කිව්වට 2/3 බලය ලැබුණයි කිව්වට එහෙම ජනවරමක් දැන් නැහැ.මෑතදී පැවැත්වුවා ජනමත සමීක්ෂණයක්  67% ක් 2/3 රටේ ජනතාව. ජනාධිපතිවරයා මේකට වගකිව යුතුයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම 96% ක්

රාජපක්ෂවරුන් මේකට වගකිව යුතුයි කියලා මීට ප්‍රථම පවත්වපු ජනමත සමීක්ෂණ වල තියෙනවා. මේ රටේ පවත්වපු හැම ජනමත සමීක්ෂණයකින්ම ජනතාව එක හඬින්, ඒකමතිකව කියන්නේ ඒ දේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න. නිශ්චිත දින සහිතව ඊළඟ මහ මැතිවරණය දක්වා වෙන අන්තර්කාලීන පාලනයක් පිහිටුවන්න. පොදු එකඟතාවයක් ඇති කරගන්න රට පාලනය කරන්න. එතකොට විපක්ෂ නායක විතරක් නෙමෙයි, විපක්ෂයේ අපි සියලු දෙනාමත් මේ ආණ්ඩුවේ වගකීම භාර අරගන්න සූදානම්.”

Hasitha Samaraweera
Hasitha Samaraweera
Tags: FUELNamal RajapaksaPATALI CHMPIKAනාමල් රාජපක්ෂපාඨලී චම්පික රණවක
Previous Post

වැඩි වූ ඉන්ධන මිළ නිසා ජනතාවට පීඩා රැසක්

Next Post

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

Hasitha Samaraweera

Hasitha Samaraweera

Related Posts

බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම
දේශීය

ලිට්‍රෝ ගෑස් මිල පහළට

by Sudari Silva
August 8, 2022
”හදිසියේ ඇතිවූ ගෑස් හිගයත් අද මිල ඉහළයාමත් ආණ්ඩුවේ සැළසුමක්”
දේශීය

සිය ස්ථාවරය ජනපති ඉදිරියේ කීමට ජවිපේ සූදානමින්

by Sudari Silva
August 8, 2022
ලොහාන් ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය
දේශීය

මැතිවරණ කොමිසමේ සහ සියළු දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක්

by Sudari Silva
August 8, 2022
“ගෙනාපු දියර පොහොර පොල් ගස්වලට දාන්න නම් හෙලිකොප්ටර් ගන්න වෙයි”
ප්‍රමුඛ පුවත්

40 ක කැබිනට්ටුවක් පත් කරන සූදානමක්

by Hasitha Samaraweera
August 8, 2022
“විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”
දේශීය

“විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”

by Sudari Silva
August 8, 2022
Next Post
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In