පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 08 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවා.
මෙම නඩුව අද කොළඹ මහ අධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූවා.
එහිදී විනිසුරුවරයා නියෝග කළේ නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 08 වන දා කැඳවන බවයි.
එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිට ලෙසත් විනිසුරුවරයා අවවාද කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.
