සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව අද

    දිස්ත්‍රික් 05 ක ප්‍රා.ලේ කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමක්

    නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් – නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට

    එක්ස්ප්‍රස් පර්ල් ඉවත් කරගැනීමේ මූලික කටයුතු ඇරඹේ

    එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුවේ සමථය ගැන සාකච්ඡාවට විශේෂ කණ්ඩායමක්

    ඇලෝසියස් ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් 06 සිට

    නව මහාධිකරණ විනිසුරුවරුන් 04ක් දෙනෙකු පත්කෙරේ

    දේශබන්දු තෙන්නකෝන් හෙට මානව හිමිකම් කොමිෂන් සභාවට

    දේශබන්දු ගොනුකළ රිට් පෙත්සමක තීන්දුවට දින නියම වෙයි

    ඇමති පට්ටම් ගත් නිදහස් පක්ෂ ලොක්කන්ට තනතුරු නැතිවෙන හැඩ

    රජයේ අමාත්‍ය ධුර ගත් නිදහස් පක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් සාකච්ඡා

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

නව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත්කෙරේ – ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් ද කැදවයි

Editor by Editor
2 weeks ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
JANAKA RATHNAYAKE
0
SHARES
5
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ලබන ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වන නව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කලේ ය.

ලංවිම ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැන ගැනීම පිණිස ජුනි මස 1 වැනි දින ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇත.

මේ පිළිබද වැඩිදුර අදහස් පලකරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා

“ශ්‍රී ලංකා විදුලි බල පනතේ 30 වන වගන්තිය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව ගාස්තු සංශෝධනයකදී සියලු පාර්ශ්වයන්ගේ අදහස හා යෝජනා වලට ඇහුම්කන් දිය යුතුයි. ඒ අනුව දැනට ලංවිම ඉදිරිපත් කර ඇති සියයට 3ක ගාස්තු අඩුකිරීමේ යෝජනාව හා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන විකල්ප යෝජනාව පිළිබද මහජනතාවගෙන් අදහස් හා යෝජනා කැදවනවා. කොමිෂන් සභාවේ ගාස්තු යෝජනාව ජුනි 1 වැනිදින ප්‍රකාශයට පත් කරනවා. එතැන් සිට ජුනි 20 වැනි දින දක්වා මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කළ හැකියි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමටද අවස්ථාව හිමි වනවා. සියලු පාර්ශ්වයන්ට අපි ආරාධනා කරනවා මෙම ගාස්තු සැකසීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක වෙන්න කියලා. මන්ද බොහෝ දෙනා ඉදිරිපත් කරන සාධනීය යෝජනා අවසන් ගාස්තු ක්‍රමයට ඇතුළත් කළ හැකි නිසා”

මීට පෙර ආසන්නව සිදුවු ගාස්තු ඉහල දැමීම නිසා අඩු පරිභෝජන කාණ්ඩ දැඩි අපහසුතාවට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙයි.

“පසුගිය පෙබරවාරියේ ක්‍රියාත්මක කල ගාස්තු ඉහල දැමීමේදී ඒකක 90ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන දුප්පත් පාරිභෝගිකයින්ට අසාධාරණ ලෙස ගාස්තු ඉහල දැම්මා. සාධාරණ පිරිවැය අයකිරීමේ පදනම සහ දරාගැනීමේ හැකියාව, සහනාධාර ලැබිය යුත්තන්ට සහනාධාර දිය යුතු බවට වු පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මේ කාණ්ඩවලට සියයට 150 සිට සියයට 250කින් ගාස්තු ඉහල දැම්මා. ආසන්නයේ සිදු වු ගාස්තු සංශෝධන දෙකම නිසා ඒකක 30ට වඩා අඩු පරිභෝජනයක් ඇති කාණ්ඩවලට සියයට 1200කින් ගාස්තු ඉහල ගියා. පසුගිය අගෝස්තුවට පෙර රුපියල් 5කට ගත්ත ඒකකයක් සදහා ඔවුන්ට රුපියල් 66ක් ගෙවන්න සිදුවුණා. රජයේම සමීක්ෂණ අනුව අන්ත දිළිදු තත්වයට පත්ව ඇති පවුල් සංඛ්‍යාව මිලියන 3යි. මේ පිරිස තමයි මාසෙකට විදුලි ඒකක 0ත් 60ත් අතර පාවිච්චි කලේ. විදුලි පරිභෝජනය පිළිබද නව දත්ත අනුව පසුගිය පෙබරවාරි වන විට මාසෙකට ඒකක එකක්වත් භාවිත නොකරන විදුලි පාරිභෝගික පිරිස 436000 දක්වා ඉහල ගිහින් තිබෙනවා. ඒකක 90ට වැඩියෙන් පාවිච්චි කල පාරිභෝගිකයින්ගෙන් ලක්ෂ 6ක් පමණ ඒකක 60 වඩා අඩුවෙන් පරිභෝජනය කරන කාණ්ඩ වලට වැටිල. මේ දත්තවලින් පෙන්වන්නෙ පහුගිය විදුලි ගාස්තු වැඩිකිරීම නිසා බලශක්ති දරිද්‍රතාවය ඉහල ගිය බව. මේ තත්වය වහාම නිවැරැදි කල යුතුයි

පසුගිය පෙබරවාරි මාසයේ දි ක්‍රියාත්මක කල පදනම් විරහිත ගාස්තු සංශෝධනයෙන් අසාධාරණයට ලක්වු ගෘහස්ත අංශයේ ඒකක 120ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට, ආගමික ස්ථාන සහ සංචාරක හෝටල් වලට මෙවර ගාස්තු සංශෝධනයේදි සාධාරණයක් ඉටු විය යුතු ය

“ගෘහස්ත අංශයේ ලක්ෂ 50කට ආසන්න පාරිභෝගික සංඛ්‍යාවකට පසුගිය ගාස්තු ඉහල දැමීම දරාගන්න නොහැකි වුණා. අපි මුලින් යෝජනා කරල තිබු සියයට 35ක ගාස්තු ඉහල දැමීම වෙනුව සියයට 66කින් ගාස්තු ඉහල දැමීම නිසයි ඒ තත්වය උදා වුණේ. ඉදිරි ගාස්තු සංශෝධනයේදී මේ පාරිභෝගිකයින්ට සාධාරණය ඉටු කිරීම සදහා අපි පියවර ගන්නවා. ඒ වගේම ආගමික ස්ථානවලටත් දරාගත හැකි ආකාරයට ගාස්තු අඩු කල යුතු යි. රටට විදේශ විනිමය උත්පාදනය කරන අංශ කෙරෙහි ද අවධානය යොමු කරනවා. සංචාරක කර්මාන්තය, අපනයන කර්මාන්ත ආදිය තිරසර ලෙස පවත්වාගෙන යාමට නම් බලශක්ති පිරිවැය හැකි තරම් අඩු කල යුතුයි.”

ජනක රත්නායක
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

Editor
Editor
Tags: ජනක රත්නායකමහජන උපයෝගිතා කොමිෂන් සභාවවිදුලි ගාස්තුශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
Previous Post

නව සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක්

Next Post

පිපිරීමකින් ශ්‍රී ලාංකික සාම සාධක හමුදා සාමාජිකයින් ට තුවාල

Editor

Editor

Related Posts

ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි
දේශීය

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව අද

by Editor
June 6, 2023
දිස්ත්‍රික් 05 ක ප්‍රා.ලේ කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමක්
දේශීය

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් – නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට

by Editor
June 6, 2023
එක්ස්ප්‍රස් පර්ල් ඉවත් කරගැනීමේ මූලික කටයුතු ඇරඹේ
දේශීය

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුවේ සමථය ගැන සාකච්ඡාවට විශේෂ කණ්ඩායමක්

by Editor
June 6, 2023
ඇලෝසියස් ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් 06 සිට
දේශීය

නව මහාධිකරණ විනිසුරුවරුන් 04ක් දෙනෙකු පත්කෙරේ

by Editor
June 6, 2023
ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිවුවැනි තැනට
ක්‍රීඩා

ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිවුවැනි තැනට

by Editor
June 6, 2023
Next Post
පිපිරීමකින් ශ්‍රී ලාංකික සාම සාධක හමුදා සාමාජිකයින් ට තුවාල

පිපිරීමකින් ශ්‍රී ලාංකික සාම සාධක හමුදා සාමාජිකයින් ට තුවාල

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In