දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ සේවකයන් විශාල සංඛ්‍යාවක් අද (31) දිනයේ විශ්‍රාම යන බැවින් දුම්රියස්ථාන රැසක සේවා අඩාලවන බවත් එම සේවා අඩාල වීම මත මගී ජනතාව කිසියම් ආකාරයේ බලපෑමක් හෝ ගැටුම්කාරී තත්ත්වයකට යොමු වුවහොත් දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය සේවාවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
රඹුක්කන දුම්රිය ස්ථානයේ පමණක් කණිෂ්ඨ සේවකයන් පස් දෙනෙකු අද දිනයේ විශ්‍රාම ලබන බවත් ඒ සඳහා අවශ්‍ය වන බඳවා ගැනීම් කර නොමැති වීමෙන් එම දුම්රි ස්ථානය සේවා රැසක් අත්හිටුවීමට සිදුවී ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා ලිපියේ සඳහන් කර තිබේ.
