නව යුධ හමුදාපතිවරයා ලෙස වත්මන් යුධ හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතා පත් කර තිබෙනවා.
එම පත්වීම ලබන පළමුවනදා සිට බලාත්මකයි.
වත්මන් යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මැයි 31 වනදා සිට යුධ හමුදාපති ධුරයේ රාජකාරි අත්හරිනු ලබන බවයි යුධ හමුදාව නිවේදනය කලේ.
ඔහු ජූනි පළමුවනදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ ස්ථිරවම රාජකාරි කරනු ඇති.
මේ දක්වා ඔහු එම ධුරයේ වැඩබලන රාජකාරිවලයි නිරත වූයේ.
