සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

“නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවදානමක්: 4 වැනි එන්නත ගන්න”

Admin by Admin
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
“එන්නත ගත්තාම සෞඛ්‍ය පුරුදු අමතක කරලා”
0
SHARES
27
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නව ප්‍රභේද සමග නැවත වතාවක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ හොඳම ක්‍රමය එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ “කොවිඩ් උවදුර ඉවර නෑ: 4 වැනි එන්නත ගනිමු” මැයෙන්  අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

“පළමු එන්නත ලබා ගත් පසුව 4 වන එන්නත ලබා ගන්නා ලෙස අප මීට පෙරත් ඉල්ලීමක් කළා. ඒ වන විටත් අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සියයට 97ක් හා සියයට 100ක් අතර සංඛ්‍යාවක් ප්‍රාථමික එන්නත් ලබා ගෙන තිබුණා. පළමු එන්නත ලබා ගෙන තිබුණේ මිලියන 7.9ක පිරිසක්  පමණි. 4 වැනි එන්නත ලබා ගන්නා ලෙස ජනතාවට ආයාචනා කළා.මේ වන විට කොවිඩ් නව ප්‍රභේද මතුවීමත් සමග ඇති වන අවදානමෙන් මිදෙන්න 4 වන එන්නත අවුරුදු 20ට වැඩි සියලුම දෙනා ලබා ගත යුතුයි”අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

එන්නත් 4 ම ගැනීමෙන් කොවිඩ් රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු වීම, රෝගය වැළඳුන ද දරුණු රෝග තත්ත්වයට පැමිණීමේ හා මරණයට පත්වීමේ අවදානම අඩු බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. අවුරුදු 60 ට වැඩි සියලුම දෙනාත් විදේශගත වීමට බලාපොරොත්තු වන සියලු දෙනාමත් මෙම එන්නත අනිවාර්යයෙන්ම ලබා ගත යුතුවේ. මෙම එන්නත් රජයේ සියලුම රෝහල්වලින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා නම් කරන ලද එන්නත් මධ්‍යස්ථාන වලින් ලබා ගැනීමේ හැකියාව ඇත. අද රටේ පවතින තත්ත්වය මත එන්නත් ලබා ගැනීමේ දවස් සීමා කිරීම හෝ නම් කරන ලද දින වල පමණක් ලබා දීම සිදු කළ හැකි බවත් ඒ ආයතන වලින් විමසා එන්නත් ගැනීමට කටයුතු කළ යුතු බවත් අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මේ සාකච්ඡාවට එක් වූ වසංගත රෝග ප්‍රධාන විද්‍යාඥ සමිත ගිනිගේ මහතා සඳහන් කළේ කොවිඩ් වසංගතය ගෝලීය වශයෙන් තවම පහව ගොස් නැති බවත්, ඕනෑම අවස්ථාවක අධි වසංගත තත්ත්වයක් ඇති වීමේ හැකියාව පවතින බවත්ය. “පසුගිය සති 3 ඇතුළත ලෝකයේ රෝගීන් යම් වශයෙන් වැඩි වීමක් දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ දෛනික රෝගීන් 10 ත් 15ත් අතර සංඛ්‍යාවක් හා මරණ සතියකට 1ක් වශයෙන් දැනට වාර්තාවෙනවා. වර්ධක මාත්‍රාව මිලියන 14.4ක් ඉලක්ක ගත වෙලා තියෙන අතර තව මිලියන 6ක් පමණ ලබා ගෙන නෑ. මෙවැනි තත්ත්වයක් මත නව ප්‍රභේද මතු වුවහොත් අවදානම් තත්ත්වයක් තිබෙනවා” සමිත ගිනිගේ මහතා පෙන්වා දුන්නේය.

“පාසල් දරුවන්ට ද දෙවන මාත්‍රාව නිර්දේශ කර තියෙනවා . නමුත් පාසල් දරුවන් ඉතා සුළු පිරිසක් පමණයි පළමු මාත්‍රාව ලබා ගෙන තියෙන්නේ. වයස අවුරුදු 12 ත් 15 ත් අතර තවමත් මිලියන 1ක් පමණ දරුවන් එන්නත ලබා ගෙන නෑ” සමිත ගිනිගේ මහතා සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අනුක ජීවවිද්‍යා අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සඳහන් කළේ ජනවාරි පෙබරවාරි මාසවල ඔමික්‍රොන් ප්‍රභේදය ඉතාමත් දරුණු ලෙ‍රොන් ප්‍රෙභ්දය ඉතාමත් දරුණු ‍ෙස ශ්‍රී ලංකාව තුළ පැතිර ගිය බවයි. ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය මෙන් භයානක නොවූයේ සියයට 70ක් පමණ පිරිසක් ඒ වන විට ප්‍රාථමික එන්නත් මාත්‍රා දෙකම ගෙන තිබූ නිසයි. ඩෙල්ටා  ප්‍රභේදය සමග සසඳන විට  මියගිය සංඛාවද ඉතා අඩු වුනා. එහෙම වුනේ සාර්ථක එන්නත්කරණයක් සිදු වුන නිසයි. නව කොවිඩ් ප්‍රභේද හට ගැනීම ලෝකයේ නිතරම සිදු වනවා. සමහර රටවලට මෙම ප්‍රභේද අහිතකර ලෙස බලපාන්නේ ජනගහණය තුළ ඇති ප්‍රතිශක්තිකරණය මත බව මහාචාර්යවරිය පෙන්වා දුන්නාය.

එන්නත් ගැනීමෙන් පැතිරෙන නව ප්‍රභේද වැළඳීමේ අවදානම අඩු බව පවසන මහාචාර්යවරිය රට තුළ පවතින වත්මන් තත්ත්වය මත සුළු රෝහල් ගතකිරීමක් පවා දරා ගන්නට අපට මේ වන විට හැකියාවක් නැති නිසා හැකිතාත් එන්නත් 4ම ලබා ගන්නැයි ඉල්ලා සිටියාය.

Admin
Tags: අසේල ගුණවර්ධනකොවිඩ්
Previous Post

“භූමිතෙල් මිල ද අනිවාර්යෙන්ම වැඩි කරනවා”

Next Post

ඉදිරි විභාග දින වකවානු මෙන්න

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් යයි ?

ඉදිරි විභාග දින වකවානු මෙන්න

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In