කොළඹ නව කැළණි පාලමේ ඉදිකිරීම හේතුවෙන් මේදිනවල ඇතිවන මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි කොළඹ නගරයට ඇතුලූවන රියදුරන් වෙත පොලිසිය දැනුම් දෙනවා.
ඒ අනුව කොළඹට ඇතුළු වීමට නුවර පාරෙන් පැමිණෙන වාහන බේස් ලයින් මාර්ගය භාවිත නොකර නවලෝක වටරවුමෙන් තොටලග හන්දිය / වේල්ස්කුමාර හංදිය හෝ බ්ලුමැන්ඩල් පාර භාවිතා කරමින් කොළඹට ඇතුළු විමේ හැකියාව පවතිනවා.
එමෙන්ම මීගමුව පාරෙන් පැමිණෙන වාහන කදිරාන පාලම සහ අලූත් මාවත ඔස්සේ කොළඹට ඇතුළුවිය හැකි අතර පරණ අවිස්සාවේල්ල පාර දෙසින් පැමිණෙන වාහන ස්ටේස් පාර / කොස් ගස් හන්දිය / ලෙයාර්ඩ්ස් බ්රෝඩ්වේ පාරෙන් වේල්ස් කුමර මාවත ඔස්සේ කොළඹට ගමන් කළ හැකියි.
මේ දිනවල නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරයේ පවතින අතර මෙම විකල්ප මාර්ග භාවිත කිරීම තුළින් නව කැළණි පාලම ආශ්රිත මාර්ගයේ උදාසන සහ සවස් කාලයේ දී ඇතිවෙන අධික රථවාහන තදබදය අවම කර ගැනීමේ හැකියාව පවතින බවයි පොලීසිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
