නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ආණ්ඩුවේ මීළග ප්‍රමුඛ කාර්යය බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
ඒ සදහා පත්කර ඇති කමිටුව විසින් සිය අවසන් වාර්තාව තවත් දින කිහිපයකින් රජයට භාරදීමට නියමිත බවත් අනතුරුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වෙත යොමු කර නව ව්‍යවස්ථාව සකස් කරන බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ.
අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවට එක්වෙමින් ජී එල් පීරිස් මහතා මෙම අදහස් පළ කලා.
මේ අතර ආණ්ඩුවේ පාලනය කාලයෙන් ඉතිරිව ඇති වසර 03 සම්බන්ධයෙන්ද ජී එල් පීරිස් මහතා සිය අදහස් පළ කලා.