සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් සියල්ලෝ ම දැවී ලකුණු 373ක් රැස් කළා.
ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 355ට පිළිතුරු වශයෙන්.
ඒ අනුව තරගයේ තුන්වැනි දිනය වන අද දිනයේ දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 18ක් නවසීලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ ඩැරිල් මිචෙල් 102ක් – මැට් හෙන්රි ලකුණු 72ක් වාර්තා වුණා.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු 67ක් වාර්තා කිරීමට ආරම්භක පිතිකරු ටොම් ලෙතම් සමත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුළු 4ක් ද, ලහිරු කුමාර කඩුළු 3ක් ද, කසුන් රාජිත කඩුළු 2ක් ද ලබා ගත්තා.
