නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර නේවාසිකාගාරයක හටගත් ගින්නකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්රී 12 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
එම අවස්ථාවේ නේවාසිකාගාරයේ සිටි 11 දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.
එබැවින් මරණ සහ තුවාලකරුවන් ගණන තවත් ඉහළ යා හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.
අදාළ ගොඩනැගිල්ලේ නිසි ගිනි නිවීම් ක්රමවේදයක් තිබී නොමැති බවටද මේ අතර වාර්තා පළවී තිබෙනවා.
එබැවින් ඒ සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් පවත්වන ලෙසටයි නවසීලන්ත අගමැති ක්රිස් හිප්කින්ස් විසින් උපදෙස් දී ඇත්තේ.