පොදු ප්‍රවාහනය අවලංගු කරන ලෙස මෙතෙක් සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දී නොමැති බැවින් ඉදිරියටත් පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
කෙසේවෙතත් අන්තර් පළාත් පොදු ප්‍රවාහනයේදී පෙර සිදුකල පරීක්ෂා කිරීම් වලට වඩා දැඩිව මගීන් පරීක්ෂාවට ලක්කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිලුම් අමුණුගම මහතා කියා සිටියේ.