නවක දුම්රිය ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ගරු ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද දින ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ දී සිදු විය.
වර්ෂ ගණනාවකට පසුව රාජ්‍ය සේවය වෙත එළඹෙන පළමු කණ්ඩායම වශයෙන් වාර්තාගත වෙමින් අභිමානවත් දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණියේ පත්වීම් ලද නවක දුම්රිය ස්ථානාධිපතිවරුන් හට අදාළ අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමත්‍යංශයේ අභිනව ලේකම් එම්.එම්.පි.කේ. මායාදුන්නේ මහතා ද සහභාගී විය.
