හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අධිකරණයේ විභාග වූ නඩු අටෙන්ම ඔහුව නිදහස් කර තිබෙනවා.
අද පෙරවරුවේ නඩුව කැදවූ අවස්ථාවේදී නියෝගය ලබාදුන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසිනුයි.
ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩු බහුතරයක් අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන්දෙනාගේ නිසි අවසරයක් නොමැතිව පවරා ඇති බවට අල්ලස් කොමසාරිස් නිළධාරීන් විසින් අද අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.
එම තාක්ෂණික දෝශ සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි සැකකාර සරණ ගුණවර්ධන මහතා එම සියලු නඩු වලින් නිදහස් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත්තේ.
2007 වසරේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ටෙන්ඩර් කැදවීමේ සිදුවීමකදී රජයට පාඩු කල බවටයි සරණ ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී තිබුණේ.