ධීවර ක්ෂේත්‍රයේ රැකියා කරන පුද්ගලයින් වෙනුවෙන් කඩිමින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන්නැයි සමගි ජනබලවේගය ඉල්ලීමක් කරනවා.
අද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා කියා සිටියේ මේ වන විට ධීවර යාත්‍රා සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට විශාල කැපකිරීමක් කිරීමට සිදුව ඇති බවයි.
මේ වන විට බහුදින ධිවර යාත්‍රාවකට ඉන්ධන වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක් වැය වන බවද දිලීප් වෙදආරච්චි මහතා මෙහිදී අවධාරණය කළා.
එම නිසා පවතින ආර්ථික ගැටලු හමුවේ ධීවර කර්මාන්තයට බලපෑමකට ලක්ව ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළා.