ශ්‍රී ලංකාව – මාලදිවයින සහ ඉන්දියාවේ නාවික හමුදා ඒකාබද්ධව සිදුකළ නාවික අභ්‍යාසය අද අවසන් වුනා.
දෝස්ති ලෙස නම්කර තිබූ මෙම දෙදින නාවික අභ්‍යාසය පැවැත්වුණේ මාලදිවයින් මුහුදේයි.
ඉන්දියානු සාගරයේ ආරක්ෂාව මූලික අරමුණ කරගත් මෙම නාවික අභ්‍යාසයේදී මත්ද්‍රව්‍ය නාෂක මෙහෙයුම් – නිර්ක්ෂණ හා මුදවාගැනීම් ඇතුලු අභ්‍යාස කිහිපයක් සිදුකළ බවයි කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.