ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා අද දිනයේදී සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද දිනයේ අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා පැමිණීමෙන් වළකින ලෙසයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී ජනතාවට දැනුම් දුන්නේ.
මේ හේතුවෙන් එක්දින සේවාවල ප්‍රමාදයක් සිදුවිය හැකි බවද එහිදී සඳහන් කෙරුණා.
කෙසේවෙතත් මේ වනවිට එම දෝෂය යථා තත්වයට පත්කර ඇති බැවින් සියලුම සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.
