දෛනිකව සිදුකරන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩු වාතාවරණයකදී දිනපතා වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවන්නේ කෙසේද යන්න ගැටලු සහගත බව රසායනාගාර වෘත්තියවේදින්ගේ විද්වත් සංගමය පෙන්වා දෙනවා.
එහි සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ කොවිඩ් දත්තවල නිරවද්‍යතාව පිළිබදව නැවතවරක් සළකාබැලිය යුතු බවයි.