සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

    ජනපති විශේෂ ප්‍රකාශය

    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

    බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට

    බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    ජනපති අද සවස ජාතිය අමතයි

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

    ජනපති විශේෂ ප්‍රකාශය

    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

    බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට

    බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    ජනපති අද සවස ජාතිය අමතයි

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු මුලු හිඟ බදු , දඩ හා පොළී මුදල රුපියල් බිලියන 773 ක්

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු මුලු හිඟ බදු , දඩ හා පොළී මුදල රුපියල් බිලියන 773 ක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 ජුනි 30 දින වන විට ලැබිය යුතු මුලු හිඟ බදු, දඩ හා පොළී මුදල රුපියල් බිලියන 773 ක් – කෝපා කමිටුවේදී හෙලි වෙයි.

 රුපියල් බිලියන 10 ඉක්මවූ මුදලක් වැයකොට සකස් කළ RAMIS පද්ධතිය තවමත් නිසි ක්‍රියාකාරී මට්ටමක නැහැ…

  • 2022 ජුනි 30 වන විට රුපියල් බිලියන 2.4 වටිනා අගරු වූ චෙක් පත් 4831 ක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 ජුනි 30 දින වන විට ලැබිය යුතු මුලු හිග බදු, දඩ හා පොළී මුදල රුපියල් 773,957,856,618 බව (බිලියන 773)  කෝපා කමිටුවේදී අනාවරණය විය.

මේ අතර මෙම මුදලෙන් රුපියල්  201,400,855,198 ක් (බිලියන 201) කිසිඳු නීතිමය ගැටලුවකින් තොරව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත්  රුපියල් 572,557,001,420 ක් (බිලියන 572) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටවා ඇති මුදල් වශයෙන් හදුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වුණි.

එසේම RAMIS සහ  Legacy යන පද්ධති දෙක යටතේම අයවිය යුතු මුලු හිඟ බදු මුදල් වශයෙන් මෙම මුදල හඳුනාගෙන ඇති බව ද මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වාදෙන ලද අතර මෙම හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම ලෙස පවතින රුපියල් බිලියන 201 මුදල අය කර නොගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් දැනටමත් කොටස් වශයෙන් අයකරගැනීමට කටයුතු කොට ඇති බවයි.

මෙහිදී මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මනිත්‍රී ගරු කබීර් හෂීම් මහතා නිර්දේශ කළේ අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අයකරගන්නා ආකාරය පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසයි.

මේ පිළිබඳ අනාවරණය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2021 මාර්තු 24 දින කෝපා කමිටුවට කැදවා ලබාදුන් නියෝග ක්‍රියාත්ම කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ 2023 අයවැයෙන් යෝජනා කොට ඇති බදු ආදායම ලඟාකරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේදැයි පරීක්ෂාකර බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් අද (28) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතා පෙන්වා දුනනේ 2022 වර්ෂයේදී ඇස්තමේන්තු කළ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1852ක් රජය අපේක්ෂා කොට ඇති බවත් එය 2023 මෙවර අය වැයේදී රුපියල් බිලියන 3130 දක්වා වැඩිකර ගැනීමට සැලසුම් කොට ඇති බවත් ය. එබැවින් මේ වන විටත් හිඟ බදු විශාල ප්‍රමාණයක් තිබියදීත් 2023 අයවැයෙන් 69% වැඩිවීමක් ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේදැයි යන්න විශාල ගැටලුවක් බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම අපේක්ෂිත බදු ආදායම ලගාකරගැනීමට නොහැකි වුවහොත් විශාල අයවැය පරතරයක් ඇති වන බවත් රටක් ලෙස බලාපොරොත්තු වන සියලු ඉලක්ක සපුරාගැනීම අසාර්ථක වන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙහිදී මෙම බදු මුදල් අයකරගැනීම සඳහා ඇති ප්‍රධාන සාධකයක් ලෙස ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) හඳුනාගෙන ඇති බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම මෙම RAMIS පද්ධතිය සකස්කිරීම සඳහා රුපියල් බිලියන 10 ඉක්මවූ මුදලක් වැයකොට ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන් අතර  එසේ වුවද නිසි ක්‍රියාකාරීමට්ටමක එය නොපවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම මින් පෙරද අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳ කෝපා කමිටුවේදී පෙන්වා දුන්නද ඒ සම්බන්ධයෙන් තවමත් විධිමත් පියවරක් ගෙන නොමැති බවද විගණකාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

තවද මේ සම්බන්ධයෙන් වන ගිවිසුම සහ ඊට අදාළ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තමාට ලබා නොදෙන බවද විගණකාධිපතිවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම ගිවිසුම ප්‍රකාරව තමාට එම තොරතුරු ලබා දීමට නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන බවත්  එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කටුයුත්තක් බවත් මෙහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ අනුව මෙම RAMIS පද්ධතිය පිළිබඳ ප්‍රසම්පාදනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ගැටලු කාරී තත්ත්වයන් පෙනීයන හෙයින් මෙම පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත් කිරීම පිළිබඳ දින වකවානු සහිතව මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදීමට කෝපා කමිටුව නිර්දේශ කළේය. එසේම එම වාර්තාව ප්‍රමාණවත් නොවන්නේ නම්  ගනු දෙනු පිළිබඳ විගණනයක් කිරීමට කටයුතු කරන බවද කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

එසේම 2022 ජුනි 30 වන විට රුපියල් 2,488,003,615 (බිලියන 2.4) වටිනා අගරු වූ චෙක් පත් 4831 පැවතීම පිළිබඳව ද මෙහිදී අනාවරණය විය. මෙම අගරු චෙක්පත් අතරින් රුපියල් 1,429,356,750 ක් වටිනා චෙක්පත් 3817 ක් වසර 3කට වඩා පැරණි ඒවා බවද මෙහිදී අනාවරණය විය.

මේහිදි මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම පිළිබඳ කමිටුව ප්‍රශ්න කළ අතර නීතිමය පියවර ගැනීමට තම දෙපාර්තමේන්තුවට බලය නොමැති බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළේය. මෙය සාපරාධී අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පිළිබඳ මාසයක් ඇතුළත කෝපා කමිටිවට වාර්තාවක් ලබාදෙන ලෙස ද මෙහිදී කෝපා කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු මොහාන් ප්‍රියදර්ෂන ද සිල්වා, ගරු ලසන්ත අලගියවන්න, ගරු කාදර් මස්තාන්, ගරු සුරේන් රාඝවන්, ගරු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු අශෝක් අබේසිංහ, ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මේජර් (ආචාර්ය) ප්‍රදීප් උඳුගොඩ සහ ගරු වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Admin
Tags: දේශීය ආදායම්හිග බදු
Previous Post

2023 සිට උසස් පෙළ විභාගය සඳහා 80% අනිවාර්යයි

Next Post

“සන්ධානයේ ප්‍රධාන ලේකම් මමයි”

Admin

Admin

Related Posts

කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති
දේශීය

ජනපති විශේෂ ප්‍රකාශය

by Admin
February 4, 2023
තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට
දේශීය

ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

by Admin
February 4, 2023
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
දේශීය

වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

by Admin
February 4, 2023
බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට
දේශීය

බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

by Admin
February 4, 2023
ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට
දේශීය

ජනපති අද සවස ජාතිය අමතයි

by Admin
February 4, 2023
Next Post
ගුරු ගෞරවය රැකෙන විදියට වැටුප් ප්‍රශ්නය විසදන බවට රජයෙන් සහතිකයක්

"සන්ධානයේ ප්‍රධාන ලේකම් මමයි"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In