අධිකරණ ඇමතිගේ 21 ආණ්ඩුවේ 21, විපක්ෂයේ 21 කියලා දෙයක් නැති බවත්, දැනට තිබෙන එකම 21 වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ 21 බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය දින කිහිපයකින් නිකුත් වනු ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ තුන්වන සතියේදී එය සාකච්ඡාවට ගත හැකියැයිද පැවසීය. නමුත් මේ රටේ පවතින්නේ ප්‍රතිසංස්කරණ වලට වඩා දේශපාලන ගේම් නිසා එය සාකච්ඡාවට නොගන්නා තත්පරයක් ඇති බව කී විපක්ෂ නායකතුමා අද පවත්නා දේශපාලන අර්බුදයට විසදුම ඇත්තේ නව ජනවරමක් තුළ යැයිද පැවසීය.
මේ අර්බුදයට මාස කිහිපයක් තුළ විසදුමක් ඇතැයි යම් යම් වීරයින් පුරසාරම් කීවද සත්‍යය එය නොවන බවද විපක්ෂ නායකතුමා කීය. නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සියලු පාර්ශ්වයන්ගේ අදහස් අත්‍යාවශ්‍ය බව කී විපක්ෂ නායකතුමා මේ බව කියා සිටියේ ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් අද (15) විපක්ෂ නායක කාර්යාලයේ දි හමුවු අවස්ථාවේ දීය.
