දේශපාලන ක්ෂේත්‍රයේ බොහොමයක් පාර්ශව මැතිවරණයක් ආසන්න වු විට සිදුකරන්නේ විවිධ පොරොන්දු ලබාදෙමින් ජනතායව රැවටීම පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ වව්නියාව ප්‍රදේශයේ පාසලක පැවති වැඩසටහනකට එක්වෙමින්.
සමගි ජනබලවේග රජයක් බිහිවුවහොත් ඒ යටතේ ජනතාවගේ සියලු මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන බවටද විපක්ෂ නායකවරයා එහි රැස්ව සිටි පිරිසට පොරොන්දු වුණා.