ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි අනුව දේශපාලනඥයෙකුට අධිපති ධූරයේ කටයුතු කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරනවා.
මහබැංකුවේ නව අධිපති ලෙස රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්වීමට සූදානමින් සිටින බවට පලවන වාර්තා පිළිබදව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි එරාන් වික්‍රමරත්න මහතා මේ බව පෙන්වා දුන්නේ.
ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති මහාචාර්යය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දුන්නේ තමන් නියමිත කාලයට පෙර සිය ධූරයෙන් විශ්‍රාම යාමට තීරණය කළ බවයි.
පසුගිය සති කිහිපයේ ඇතිවූ සිත රිදවන සිදුවීම් ඊට හේතු වූ බවයි ඔහු එහිදී කියා සිටියේ. මහබැංකුවේ අධිපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්වීමේ සූදානම් ඇති බවට පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තා පළවී තිබුණා.
කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු හෝ අමාත්‍යවරයෙකු එම ධූරයෙන් ඉල්ලා අස්වුවද නියමිත දින ගණනක් යනතෙක් මහබැංකු අධිපතිධූරයට පත්වීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.