දේශපාලන තීරණවලට අනුව කටයුතු නොකර සිය අරගලය සමග සෘජුව එක්ව කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය සියලු ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතායි මේ බව කියා සිටියේ.