ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සදහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණයවන පුවත අදාළ බළධාරින් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණක් බව ආරක්ෂක අමාත්‍යංශය මහජනතාව වෙත දැනුම් දෙනවා.
එබැවින් මෙම තොරතුර සම්බන්ධයෙන් කලබලවීමට හේතුවක් නොමැති බවයි ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරන්නේ.