සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    ඔස්ටේ්‍රලියාවෙනුත් වඳුරු උණ රෝගියෙකු හමුවෙයි

    මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලේ

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    ඔස්ටේ්‍රලියාවෙනුත් වඳුරු උණ රෝගියෙකු හමුවෙයි

    මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලේ

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

දේවගැති ජෙරම් නැවත දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

Editor by Editor
3 weeks ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
බූස්ටර් එන්නත දෙන්නේ මාස 6කට පසු – ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතාව
0
SHARES
0
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැවත දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, අධිකරණයෙන් ඔහුට එරෙහිව සංචාරක ගමන් තහනමක් ලබාදී ඇති මොහොතක එලෙස අත්අඩංගුවට ගැනීමට බාධාවක් නොමැති බවය.

එමෙන්ම ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයන්ට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු මාධ්‍ය ප්‍රකාශවරයා,

“පාස්ටර් ජෙරම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. පැමිණිලි ලැබුණට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ. ඒ අනුව තමා අධිකරණයෙන් අදාළ සාක්ෂි සටහන් කරගෙන පසුව තමා අධිකරණය නියෝග ලබාගන්නේ. පාස්ටර් ජෙරම් පිටත් වෙලා තියෙනවා පසුගිය ඉරිදා දිනයේදී. ඔහු විදේශ ගතවුණ බවට වාර්තා වෙලා තියෙනවා. නමුත් විදේශ ගමන් තහනම අපි ලබාගන්නේ ඊයේ දිනයේ. ඒ කියන්නේ සංචාරක ගමන් තහනමක් ලබාගත්තහම ඒ් රටෙන් පිටවෙන්නත් බෑ. ඒ වගේම විදේශ රටකට ඇතුළු වෙන්නත් බෑ. ඒ අවස්ථා දෙකේදීම අත්අඩංගුවට පත්වීමක් සිදුවෙනවා යම් වරදක් සම්බන්ධයෙන්. නමුත් පැමිණිලි ආවට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරන්නේ. එයින් පසුව තමා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතුයි විදේශ ගමන් තහනමක් ලබාගන්න. ඒ සඳහා යම් ආකාරයක විමර්ශනයක් පැවැත්විය යුතුයි. එතකොට පැමිණිලි ලැබිලා ඒ සඳහා යම් කාලයක් අවශ්‍යයි. ඒ කාලය තුළ තමා අධිකරණයට තොරතුරු ඉදිරිපත් කරලා, සාක්ෂි ඉදිරිපත් කරලා මේ තහනම ලබාගන්නේ.”

ප්‍රශ්නය – ඔහු නැවත නොපැමිණියොහොත් හෝ වෙනත් රටකට පිටව ගියොත් වෙන්නේ කුමක් ද?

“ලැබෙන පැමිණි අනුව විමර්ශනය කරලා, යම් ආකාරයක අපරාධමය වරදක් තහවුරු වෙනවා නම්, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළාට පස්සේ, ඊට අදාළ චෝදනා ඉදිරිපත් කරලා, අධිකරණයට ඉදිරිපත් කරන තොරතුරු මත නීති රාමුව මත යම් නියෝගයක් ලබාගන්න පුළුවන් නම් ඒ නියෝග ලබාගෙන ජාත්‍යන්තර පොලීසිය හරහා හෝ ජාත්‍යන්තරව කටයුතු කරන්න තියෙන නීතිරීති මාලාව තුළ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඉදිරියේ දී එය තීරණය කළ හැකියි. එය තීරණය වන්නේ විමර්ශනයේ දී අනාවරණය වන තොරතුරු මත…”

ප්‍රශ්නය – ඔහු ලංකාවට පැමිණියොත් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙනවා ද ?

“සංචාරක තහනමක් තියෙන අවස්ථාවක අධිකරණයේ දී එවැනි නියෝගයක් ලබාදී ඇති අවස්ථාවක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා…”

ප්‍රශ්නය – මොහුට තියෙන චෝදනා යටතේ, විමර්ශනවලට ඉහළින් බලපෑම් එල්ල වනවාද ?

“කිසිසේත්ම එවැනි බලපෑමක් ලැබිලා නෑ විමර්ශන සම්බන්ධයෙන්. විමර්ශන කටයුතු ඉතා නිදහස්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් පවතිනවා මේ වනවිට. කිසිදු ආකාරයක බලපෑමක් විමර්ශනවලට එල්ල වෙලා නෑ.”

මතභේදාත්මක ප්‍රකාශයක් හේතුවෙන් මේ දිනවල දැඩි කතාබහකට ලක්වන, මේ වන විට විදෙස්ගතව ඇති ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු එළඹෙන ඉරිදා යළි දිවයිනට පැමිණෙන බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබා තිබේ.

මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කටයුතු කළා.

ජෙරම් ප්‍රනාන්දු නම් ක්‍රිස්තියානි දේවගැතිවරයා සිදුකළ දේශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එම ප්‍රකාශයන් තුළ බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වුණි.

අනතුරුව පාර්ශව කිහිපයක් දේවගැතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම දේවගැතිවරයාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව හරහා විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

මෙවැනි පසුබිමක් තුළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය ඉරිදා සිය බිරිඳ සහ දරුදෙදෙනා සමඟ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මේ අතර දිවයිනෙන් බැහැරව සිටින තමන් යළි එළඹෙන ඉරිදා දිවයිනට පැමි‍ණෙන බවට දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් යොදා තිබුණි.

තමන් එළඹෙන ඉරිදා දිනයේ යළි මව්බිමට පැමිණෙන බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසයි.

සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදි ඔහු පවසා ඇත්තේ පෙර යොදාගත් අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් තමන් දිවයිනෙන් බැහැරව ගිය අතර යළි ඉරිදා දිනයේ දි දිවයිනට පැමි‍ණෙන බවය.

ජෙරම් ප්‍රනාන්දු නම් ක්‍රිස්තියානි දේවගැතිවරයා සිදුකළ දේශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එම ප්‍රකාශයන් තුළ බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වුණි.

අනතුරුව පාර්ශව කිහිපයක් දේවගැතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එම දේවගැතිවරයාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව හරහා විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

මෙවැනි පසුබිමක් තුළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය ඉරිදා සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

කෙසේ වෙතත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) කටයුතු කළේය.

ඒ ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දැක්වීමෙන් පසුවය.

Editor
Editor
Tags: ජෙරම් ප්‍රනාන්දුදේවගැති ජෙරම් ප්‍රනාන්දු
Previous Post

ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Next Post

මහින්ද, පවිත්‍රා සහ රෝහිතගේ විදේශ ගමන් තහනම ඉවතට

Editor

Editor

Related Posts

ශ්‍රී ලංකාවට පහසු ජයක්
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පහසු ජයක්

by Editor
June 7, 2023
මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ
දේශීය

හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

by Editor
June 7, 2023
රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට
දේශීය

රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

by Editor
June 7, 2023
නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්
දේශීය

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

by Editor
June 7, 2023
PROTEST
දේශීය

ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

by Editor
June 7, 2023
Next Post

මහින්ද, පවිත්‍රා සහ රෝහිතගේ විදේශ ගමන් තහනම ඉවතට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In