ආගමික සංහිඳියාවට හානි වන අයුරින් බුදුදහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය.
මෙම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටර්වරයාට නියම කළේය.
මෙන්ම දේවගැතිවරයා රටින් පිටවීමට උත්සාහ කරන්නේ නම් ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම දැනුම් දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට නියම කළේය.