කොළඹ කොල්ලුපිටියේ සිට දෙහිවල ඇල දක්වා යෝජිත විනෝදාස්වාද වෙරළතීර – මුහුදුතීර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා වූ පාරිසරික බලපෑම් වාර්තාව මහජන පරික්ෂාව සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල වාර්තාව පරිශීලනය කළ හැකි බවයි මීට අදාලව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය – කොළඹ මහනගර සභාව – තිඹිරිගස්යාය හා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදීද මෙම පාරිසරික බලපෑම් වාර්තාව මහජනයාගේ දැනගැනීම සඳහා තබා තිබෙනවා.
කොල්ලුපිටියේ සිට දෙහිවල ඇල දක්වා යෝජිත විනෝදාස්වාද වෙරළතීර – මුහුදුතීර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා වූ පාරිසරික බලපෑම් වාර්තාව සම්බන්ධව මහජන අදහස් ඊයේ (16) සිට ඉදිරි දින 30 ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.