ඉන්දියාව සමග ඊයේ පැවති දෙවැනි විස්සයි විස්ස තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත්වුනා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිළ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඉන්දිය පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5 ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 132 ක්. නායක ශිකර් ධවාන් ලකුණු 40 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළ පන්දුවාර 19 යි පන්දු 4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 133 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.
නොදැවී ලකුණු 40 ක් රැස් කළ ධනංජයද සිල්වා තරගයේ විරයාට හිමි සම්මානය දිනා ගත්තා.
කුල්දිප් යාදව් කඩුලු 2යි. තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තරග එක බැගින් ජයගෙන දෙපිලම සම තත්වයේ පසුවන අතර තීරණාත්මක තුන්වන තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදි අද රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිතයි.