කොවිඩ් දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සැලසීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.
වයස අවුරුදු 18 ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මාසයට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.
කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිදු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.
එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.
කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.
එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කර රෝහල් වෙතත් යොමුකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
රෝහල් මට්ටමෙන් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන් සෘජුව මැදිහත් වන ලෙසයි මෙහිදී උපදෙස් දී ඇත්තේ.
ගතවූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120 ක් පවත්වා ඇති අතර මෙම සෑම විරෝධතාවයකටම අවම වශයෙන් 1500 කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා.
සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇතැයි බුද්ධි අංශ පෙන්වා දී ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ සඳහන්.
