පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ මෘත ශරීරය දෙවන පෂ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අද (13) පස්වරුවේ යළි භූමදානය කළා.
ඒ හැටන් ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භුමියේදීයි.
මිට පෙර මෘත ශරීරය භූමදානය කළ ස්ථානයේම දෙවනවරටත් භූමදාන කටයුතු සිදුකළ බවයි නිවුස් රේඩියෝ වාර්තාකරු කියා සිටියේ.
අධිකරණයෙන් දුන් නියෝගයකට අනුවයි ඉෂාලිනී දැරියගේ දේහය පසුගිය මස 31වනදා ගොඩගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදුකෙරුණේ.
දෙවන පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙක් යටතේ සිදු කල අතර එම වාර්තාව ඉදිරි දිනකදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැඩි පිළිස්සීමට ලක්වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ජූඩ් ඉෂාලිනී නැමති දැරිය දින කිහිපයක් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය මස 17වනදායි.
දැඩි පිළිස්සුම් තුවාල මත විෂබීජ ආසාදන තත්වයක් සහ ඒ හේතුවෙන් ඇතිවූ කම්පන තත්වය නිසා මෙම මරණය සිදුව ඇති බවත් දැරියට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවත් පළමුව සිදුකළ මරණ පරික්ෂණයේදී අනාවරණ වී තිබුණා.
කෙසේ වෙතත් ඉෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් පළමු පශ්චාත් මරණ පරික්ෂණය පිළිබද සෑහිමකට පත් නොවන බව දක්වමින් ඇයගේ මව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි දෙවන පස්චාත් මරණ පරික්ෂණයක් විධිමත්ව පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණය පොලිසියට නියෝග කළේ.
මෙම මරණය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශනයට අදාලව රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේවනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.