සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් සහ ඔහුගේ සහෝදරයා වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ බිරිඳ සතුව තිබූ නීති විරෝධී ආකාරයෙන් උපයා ගත් බව කියන තවත් සුඛෝපබෝගී මෝටර් රථ 4 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.
එම කාන්තාව දැනට බොරැල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන යන බවටයි අනාවරණ වී ඇත්තේ.
දෙමටගොඩ රුවන් සතුව තිබූ මිලදී ගත් ආකාරය හෝ මිලදී ගැනීමට මුදල් උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි වූ රුපියල් කෝටි 18 කට වැඩි වටිනාකමක් ඇති වාහන / රුපියල් ලක්ෂ 225 කට වඩා වටිනාකමින් යුත් රත්‍රං පසුගිය 29 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැණුනා.
ඒ අනුව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී තවත් සුඛෝපභෝගී ජීප් රථ 02 ක් ඊයේ දිනයේදී පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
ඉන් එකක වටිනාකම, රුපියල් ලක්ෂ 70 කට අධික බවත් අනෙක් ජීප් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 200 කට අධික බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලා.
මේ වනවිට මොවුන්ට අයත් රුපියල් මිලියන 340 කට වැඩි වටිනාකමකින් යුත් ඉඩම්, වාහන සහ අනෙකුත් වත්කම් තාවකාලිකව තහනම් කර තිබෙනවා.