රට හමුවේ පවතින අර්බුදය සදහා විසදුම් සෙවිය හැක්කේ සාමුහික දේශපාලන ප්‍රයන්තයකින් පමණක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාතික ජන බලවේගයේ ජාතික මහ සමුලුවට අද කොළඹදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
රටේ පවතින අර්බුදයට ප්‍රදාන හේතුව දූෂිත දේශපාලන බවයි මෙහිදි සදහන් කෙරුණේ.
අදූෂිත දේශපාලනයක් යටතේ රට ඉදිරියට ගෙන යාමට ජාතික ජන බලවේගය සුදානම් බවද අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.