සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පැය 48 කට අත්හිටුවමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඊයේ පස්වරු 06 ට ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.
ඒ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සහ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කලේ සාකච්ඡා සාර්ථකවීම හමුවේ වර්ජනය අවසන් කිරීමට තීරණය කල බවයි.
ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම වී තිබුණේ වැඩිකල දුම්රිය ගාස්තු අය කිරීම ලබන පළමුවනදා දක්වා කල් දමන ලෙසයි.
