දින කිහිපයක් පවත්වාගෙන ගිය අඛණ්ඩ වර්ජනය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන්.
මේ අනුව හෙට දින සිට ප්‍රවේශපත් නිකුත් කිරීමේ හා සාමාන්‍ය කටයුතු වල නිරතවන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා කියාසිටියේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කලේ පසුගිය 23 වනදායි.
ඒ අනුව ආරම්භයේදී ඔවුන් මගීන් වෙත දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමටත් පාර්සල් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමටත් තීරණය කළ අතර ඉන්ධන – සිමෙන්ති සහ තිරිගුපිටි ප්‍රවාහන කටයුතුවලින්ද ඊයේ සිට ඉවත් වීමට තීරණය කළා.
ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම හමුවේ දෙපාර්තමේන්තුවට බරපතල මූල්‍ය පාඩුවක් සිදුවූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ.
දුම්රිය ධාවන කටයුතුවලට අඛණ්ඩ බාධාවක් මතුවුවහොත් එම තත්වය අවම කරගැනීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැළසුම් කර තිබූ බවයි අද පැවති මාධ්‍ය හමුවකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ.