අද සවස 06 සිට සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතු වලින් පැය 48 ක කාලයක් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අවතීර්ණ වී තිබෙනවා.
ඒ දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධ ගැටලුකාරී තත්වය මුල්කරගෙනයි.
මේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර මහතා.
දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී ඊට පරිබාහිරව ක්‍රියාකරන සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කලා. ඔහු සඳහන් කළේ දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට බලාත්මක බවයි.
අදාළ දුම්රිය සංශෝධිත ගාස්තු අද සිට සෑම දුම්රිය ස්ථානයකම ප්‍රදර්ශනය කිරිමට ද නියමිතයි.
කෙසේවෙතත් අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය අවධාරණය කරන්නේ. එය ලබන පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි එම සංගමය සඳහන් කර තිබුණේ.
නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 10 ක් පැවැති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ යනු ඇති.
දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50 ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
වේදිකා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද රුපියල් 20ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
