දුම්රිය ආලෝක සංඥා පද්ධතියේ ඇති වූ දෝශයක් හේතුවෙන් අද පෙරවරුවේ සිදුවූ දුම්රිය ප්‍රමාදය පිළිබද විශේෂ විමර්ශණයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
දීර්ඝ කාලයකට පසු අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කෙරුණු අද දිනයේදී ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ ආලෝක සංඥා පද්ධතියේයි මෙලෙස දෝශයක් හටගෙන තිබුණේ.
මේ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය ආරක්ෂක අධිකාරි සේන ජයසේන මහතා කියා සිටියේ කිසියම් පුද්ගලයෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් මෙම දෝශය හටගෙන ඇති බවට සැක පළකරන බවයි.
කෙසේවෙතත් මේ වනවිට එම මාර්ග වල ආලෝක සංඥා පද්ධතිය නැවතත් යථා තත්වයට පත්කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ආලෝක සංඥා පද්ධතියේ ඇති වූ දෝශය හේතුවෙන් අද පෙරවරුවේ රාගම සහ පේරලන්ද අතරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සුලු අනතුරක් සිදුව තිබෙනවා.
බංගදෙණිය සිට පැමිණි දුම්රියක පසුපස හලාවත සිට පැමිණි දුමිරියක් ගැටී ඇති අතර සිද්ධියෙන් දුම්රිය මගීන් කිහිපදෙනෙකුට සුලු තුවාල සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටියේ.