අද දින දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ථ කාර්‍යමණ්ඩලයෙන් 500කට ආසන්න ප්‍රමණකයක් විශ්‍රාම යන ලදී.
විශේෂයෙන් දුම්රිය ධාවනයට ඍජුවම සම්බන්ධ විශාල ප්‍රමාණයක් ඒ අතර වේ.
කොන්ත්‍රාත් පදනම මත අත්‍යාවශ්‍ය සේවකයන් රදවා ගැනීමට දුම්රිය පාලනාධිකාරිය වෙත වාචිකව උපදෙස් ලැබී ඇති බව සඳහන් කල ද , මීට වසර දෙකක පමණ කාලයක සිට කොන්ත්‍රාත් පදනම මත සේවය කල සේවක මහතුන් වෙත අදාල වැටුප් ගෙවීම ද සිදු කොට නැත.
මේ හේතුව මත එම කොන්ත්‍රාත් පදනම මත පෙර සේවය කල සේවකයන් හා අද දින විශ්‍රාම යන සේවකයන් ද නිසි පරිදි කොන්ත්‍රාත් පදනම මත සේවය කිරීමට අනුමැතිය ලැබෙන තෙක් සේවයට වාර්තා නොකරන බව දැන ගැනීමට ලැබී ඇත.
ඒ හේතුවෙන් අද දින මේ වන විට මුහුදුබඩ මර්ගයේ දුම්රිය ගමන්වාර 12 ක් ද ,ප්‍රධාන මාර්ගයේ 23 ක් ද , පුත්තලම් මාර්ගයේ 07 ක් ද කැලණිවැලි මාර්ගයේ 02 ක් ද ඇතුලුව සමස්ථ ගමන් වාර 44 ක් අවලංගු කොට ඇත.
