අද උදාසන 6.15 සිට දුම්රිය ධාවනය යථා තත්වයට පත්කර ඇති බව බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනූව දුම්රිය මගීන්ගේ ගමන් පහසුව සදහා දුම්රිය ගමන්වාර 102 ක් අද දිනය තුලදී ක්‍රියාත්මක වන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නිව්ස් රේඩියෝ වෙත කියා සිටියේ.
මේ අතර දුම්රිය මගින් ගමන් පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන මගීන් වෙතොත් දුම්රිය පාරිභෝගික සේවා අංක 1971 අමතා දුම්රිය ගමන් වාර පිළිබද තොරතුරු දැනගැනීමේ හැකියාවද පවතිනවා.