දුම්රිය පිළිබඳ තොරතුරු විමසීමට සහ පැමිණිලි කිරීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 1971 ක්ෂණික ඇමතුම් අංකය හෙට (14) පෙරවරු 7.00 සිට පැය 24 පුරා ක්‍රියාත්මක වන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කලේ.
මෙම සේවාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වනු ඇති.
දුම්රිය ධාවන වේලාවන්, ආසන වෙන්කිරීම, ගාස්තු වැනි තොරතුරු ලබාගැනීමට මෙන්ම, දුම්රිය ආරක්ෂක සේවය සහ දුම්රිය හරස් මාර්ග ගැටළු වාර්තා කිරීම ඇතුළු සියලූම පැමිණිළි ද මෙයට යොමුකළ හැකි බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කලා.
