දිස්ත්‍රික් 11 කට පණවා ඇති නාය යෑමේ අනතුරු ඇගවීම හෙට පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.
කොළඹ / ගම්පහ / බදුල්ල / ගාල්ල / කලූතර / කුරුණෑගල / මාතලේ / නුවරඑළිය / මහනුවර / කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් සඳහායි මෙම නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය බලපැවැත්වෙන්නේ.
අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් 62 දහසකට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇති අතර ආපදා මරණ සංඛ්‍යාව 20 ක් ලෙසයි පවතින්නේ.
මෙම මියයෑම්වලින් 13 ක් දියේ ගිලී මිය යෑම් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කලා.