පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු හැගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ කොළඹ / කලුතර / කෑගල්ල / කුරුණෑගල / නුවර / මාතලේ යන දිස්ත්‍රික්ක සදහාත් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සදහාත් එම අනතුරු හැගවීම බලාත්මක බවයි.
මේ අතර දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි තත්ත්වය තව දුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පවසනවා.
දිවයින ආශි‍්‍රත පහළ වායු ගෝලයේ පවතින කැළඹිළි ස්වභාවය තවත් දින කිහිපයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.
